කිරින්ද, යාල මුහුදු තීරයේ දිය නාමින් සිටි එකම පවුලේ මව, පියා හා දියණියන් දෙදෙනෙකු රළ පහරට හසුවී ගසාගෙන ගොස් කිරින්ද හා දෙඹරවැව රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙකු මියගොස් තිබේ.
අද පෙරවරු 7.30ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ පියා හා එක් දියණියකි. මව හා අනෙක් දියණිය දෙඹරවැව රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය පවසයි.
නුවර එළියේ සිට විනෝද චාරිකාවකට පැමිණ තිබියදී මෙම සිදුවීම සිදුව තිබේ.