අද රාත්‍රී 10 සිට සිකුරාදා උදෑසන 4 තෙක් පනවන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොලීසියේ 20000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අත්‍යාවශ්‍ය සේවා හැරුණු විට වෙනත් කිසිවෙකුට නිවසින් බැහැරව යාමට අවස්ථාව නොමැති බවද ඔහු පැවැසීය.
පොලිස් මාර්ග බාධක ප්‍රමාණය වැඩි කර ඇති බවත් වාහනද දැඩි පරීක්ෂාවට ලක්කරන බවත් ඔහු සඳහන් කළේය.
හෙට දිනය පොසොන් පෝය හේතුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් නිවසේ සිට සමරන ලෙසත් ඔහු සඳහන් කළේය.