නව කොරෝනා වෛරස වසංගතයේ ප්‍රබල ආකෘතියක් පෙන්වා දෙන්නේ පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා වෛරස මරණ සංඛ්‍යාව 399,000ක් සිදුවිය හැකි බවය. එය පසුගිය සතියේ පුරෝකථනයට වඩා 15,000ක වැඩිවීමකි.
මෙම ආකෘතිය ඉදිරිපත් කරන වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය පැවසුවේ බොහෝ විට ජනවාරි මැද වනවිට ඇමෙරිකානුවන් 2,250ක් පමණ දෛනිකව නව කොරෝනා වෛරසය හේතුවෙන් මියයා හැකි බවය. එය වර්තමාන තත්ත්වය මෙන් තුන් ගණයකට වඩා වැඩිය.
"අගුලු දැමීම් හෝ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක නොකිරීමට ප්‍රාන්ත ආණ්ඩු කටයුතු නොකළොත්, ඉහළ යන ආසාදනවලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එම දිනය (පෙබරවාරි 01දා) වනවිට සමස්ත මරණ 514,000ක් දක්වා ළඟාවීමේ අවදානමක්ද පවතිනවා" යැයි ඔවුන්ගේ නවතම අනාවැකියෙහි සඳහන් වෙයි. "ආසාදන වැඩිවීම මෙන්ම, ශීත කාලය පැමිණීම දෛනික මරණ සංඛ්‍යාව ජනවාරි මැදභාගය වනවිට දැන් තත්ත්වයට වඩා තුන් ගුණයකින් වැඩිවීමට හේතු විය හැකියි. ප්‍රාන්ත 18ක රෝහල් පද්ධති, විශේෂයෙන් දැඩි සත්කාර ඒකක දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී දැඩි ආතතියකට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා."
කෙසේ වෙතත් ඔවුන් පවසා ඇත්තේ ප්‍රාන්ත ආණ්ඩු විසින් මුඛ ආවරණ අනිවාර්ය කරන්නේ නම් හෝ වැඩි පිරිසක් ඒවා භාවිත කිරීමට දිරිගැන්වීම සඳහා වෙනත් උපක්‍රම සොයා ගන්නේ නම්, මෙම මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවය.
"ඔබ මුඛ ආවරණ භාවිතය වැඩි කිරීමෙන්, නිතර අත් සේදීමෙන්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමෙන් මෙම පුරෝකථන ප්‍රමාද විය හැකි අතර, පෙබරවාරි 01දා වනවිට ජීවිත 62,000ක් පමණ බේරාගැනීමට පුළුවන්." ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේය.
පසුගිය සතියේ ඔවුන් පුරෝකථය කළේ පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 385,000ක් පමණ සිදුවිය හැකි බවය. නමුත් ගෙවීගිය දිනයේද එක්සත් ජනපදයෙන් ආසාදන 83,000 ඉක්මවා වාර්තා වී ඇති අතර, මෙය එරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාවකි.