නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය එක්ව 21 වන දින යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිඳුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ වැලි සමඟ මිශ්‍රිත පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන කිලෝග්‍රෑම් 15 ක බරකින් යුත් පාර්සලයක් මෙලෙස සොයාගෙන ඇත.
පසුව එම පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත භාර දෙන ලදි.