පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා වන ෆැබ්රිසියෝ සොකෝර්සි කෝවිඩ්-19 වෛරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් වර්ෂ 2015 දී සොකෝර්සි සිය පෞද්ගලික වෛද්‍යවරයා ලෙස තෝරාගෙන ඇති අතර, ඔහු මිය යන විට 78 වැනි වියෙහි පසුවී ඇත.
ඉතාලියේ අව්වෙන්යර් පුවත්පතට අනුව සොකෝර්සි දෙසැම්බර් 26 වැනි දින රෝමයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔහු අවසන් වරට ෆ්‍රැන්සිස් පාප්තුමා සමග සෘජුව සම්බන්ධ වූයේ කවදාද යන්න හරියටම පැහැදිලි නැත.
මේ අතර ඉරිදා රාත්‍රියේ එරට රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප්තුමා කියා සිටියේ වතිකානුව විසින් කොවිඩ්-19 එන්නත ලබන සතියේ ආරම්භ කරන බවත්, එය ලබා ගැනීමට තමා සූදානම් බවත්ය.