සිසුන් දෙසියයකට වැඩි පාසල්වල දැනට ක්‍රියාත්මක කරන පන්ති ප්‍රමාණය වැඩි කර ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීම නිසා විදුහල්පතිවරුන් අපහසුතාවට පත්ව සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මේ නිසා කෝවිඩ්-19 තත්ත්වය තුළ පාසල් පැවැත්වීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා පොදු තීරණයකට අනුව සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට අනුව පහ වසර පාසල් පැවැත්වෙන සෑම දිනකදීමත් හය වසර සහ එක වසර සඳුදා දිනයේදීත් හතර වසර, දෙක වසර අඟහරුවාදා දිනයේදීත් අට වසර, තුන වසර බදාදා දිනයේදීත් හතර සහ නවය වසර බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයේදීත් දහය, එකොළහ, දොළහ, දහතුන වසරවලට සතියේ පාසල් පැවැත්වෙන සෑම දිනකදීමත් පැවැත්වෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව ක්‍රමානුකූලව පන්ති පැවැත්වෙන දින ගණන ඉහළ දමා ගැනීමේ කටයුතු විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි සිදුකරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවත්, කෝවිඩ්-19 තත්ත්වය තුළ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමට බොහෝ විදුහල්පතිවරු බියක් දක්වන බවද ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ නිසා කෝවිඩ්-19 සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට ගනිමින් පාසල් පැවැත්වීම පිළිබඳ පොදු තීරණයක් ගෙන එය රට තුළ එක හා සමානව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.