පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් ඊයේ ( 2 ) පි සි ආර් පරීක්ෂණයට යොමු කළ බව පානදුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මුරමුදලි මහතා පැවසීය.
නිලධාරිනියන් ඇතුළු නිලධාරීන් 146 දෙනකු එලෙස පි සි ආර් පරීක්ෂණයට යොමු කළ බව මුරමුදලි මහතා කීය .
පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට පසුගිය දින කීහිපය තුල කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය කිරීමෙන් අනතුරුව ඔවුන් නිරතුරුවම ආ ගිය බව කියන පානදුර දකුණ පොලිසියේ සේවය කළ සියලුම නිලධාරීන් මෙලෙස පි සි ආර් පරීක්ෂණයට භාජනය කළ බව මුරමුදලි මහතා වැඩිදුරටත් පැවසීය.
පානදුර දකුණ පොලිසිය විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් සියලුම දෙනා ඔවු නොඋන්ගේ නිවෙස් වල සහ පානදුර ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක නිරෝධායනය සඳහා පහසුකම් සැලසූ බවත් පානදුර දකුණ පොලිසිය වෙත අනෙකුත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර එහි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පැවසීය .
පි සි ආර් පරීක්ෂණ කටයුතු සඳහා පානදුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මොරමුදලි ,මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් පි ඒ සඳරුවන් යන මහත්තුරු ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි වූහ .
බිමල් ශ්‍යාමන් ජයසිංහ