පානදුර උතුර පොලීසියේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් හා මැගසින් දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
ඉකුත් 04 දා කාර්යභාර නිලධාරි ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්.එම්. ධර්මපාල පොලිස් නිලධාරියා රාත්‍රී 10.30ට පමණ අවි සැසදීමේදී මෙම ටී.56 ගිනි අවි දෙක හා මැගසින් දෙක අස්ථානගතවී ඇති බව අණාවරණය කරගෙන තිබේ.
බිමල් ශ්‍යාමන්