එක්ස්ත් ජනපද ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය ඊයේ (25දා) තහවුරු කළේ ගොඩනැගිල්ල තුළ සේවය කරන මැරීන් භටයෙක් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි.
පසුගිය මාර්තු 13දා ඔහු අවසන් වරට ආරක්ෂක මූලස්ථානය තුළ රැඳී සිට ඇති අතර, පසුව මාර්තු 15දා දින ඔහුගේ නිරෝධායනය ආරම්භ කර ඇති බව සඳහන් වෙයි. ඔහු මැරීන් බළකා මූලස්ථානයේ සැලසුම්, ප්‍රතිපත්ති සහ මෙහෙයුම් කාර්යාලයේ සේවය කළ භටයෙකි.
එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කළ පෙන්ටගනය පදනම් කරගත් පළමු හමුදා පුද්ගලයා මොහුය.
මේ අතර එක්සත් ජනපදයේ අවම වශයෙන් ආසාදිතයන් 65,201ක් මේ වනවිට වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 928ක් බවට පත්ව තිබේ.
එරට සමස්ත ප්‍රාන්ත 50 න්, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල මෙම දත්ත වාර්තා වෙයි.