වැලිසර නාවික හමුදා කඳවුරේ දි කොරෝනා වෛරසය ආසාදනය වු පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පි. සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත්වු එම පරික්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි.
ඊයේ දින (06) නරාවල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ දි මෙකි පුද්ගලයින් 07 දෙනා ගෙන් පි. සි.ආර් පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.
මිට පෙර නාවික සෙබලගේ බිරිද ඇතුළු පවුලේ සිවු දෙනෙකු පි. සි.ආර් පරික්ෂණවලට ලක්කල බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි තිබු බවද බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා සදහන් කළේය.
මෙකි නාවික සෙබල වැලිසර නාවික කදවුරේ සිට පසුගිය 20වැනිදින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර 27 වැනිදින නැවත කඳවුරට ගොස් ඇත. කඳවුරේදි නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.