දකුණු පළාතේ ඇතැම් පුද්ගලික බස්රථවල කොන්දොස්තරවරුන් විසින් මගින්ගෙන් නියමිත ගමන්ගාස්තුවට වඩා වැඩිපුර මුදලක් අයකළ බවට තමන්ට මගි ජනතාවගෙන් අද (11) දින පැමිණිලි කිහිපයක් ලැබුණු බව දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්රවාහන අධිකාරියේ අධ්යක්ෂක ජනරාල් බි.එම්.ඒ රාජාකුමාර මහතා පවසයි.
එම බස්රථ ධාවකයින්ට එරෙහිව ඉදිරියේ දි පරික්ෂණ සිදුකරන බවද දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්රවාහන අධිකාරියේ අධ්යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේය.
දකුණු පළාතේ අද දින පුද්ගලික බස්රථ 244ක් ධාවනය වු බව පවසන මාර්ගස්ථ මගි ප්රවාහන අධිකාරියේ අධ්යක්ෂක ජනරාල්වරයා දිස්ත්රික්ක තුල පමණක් මෙම පුද්ගලික බස්රථ ධාවනය වු බවද සඳහන් කළේය. දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්රවාහන අධිකාරිය යටතේ බස්රථ 1327ක් ලියාපදිංචි වි ඇති බවද හෙතෙම පවසයි.