පුද්ගලික අංශයේ රැකියාවේ නිරත කිසිවෙකු කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවන තත්ත්වයක් මත සේවයෙන් ඉවත්කිරීමට නොහැකි බව රජය සඳහන් කරයි.
හාම්පුතුන් හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති හමුවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
එසේම පුද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය ගෙවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.