අධිකරණයට අපහාසයක් සිදුකළැයි කියමින් පවරා ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන නොවැම්බර් 21 වැනිදාට පෙර ගොනු කරන ලෙස අභියාචනාධිකරණය මහාචාර්ය සරත් විජේසූරිය මහතාට අද (26) නියම් කළේය.
අන්තර්ජාලයේ හා සමාජ ජාලා වල අවස්ථා කිහිපයකදී මහාචාර්ය සරත් විජේසූරිය මහතා කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් නීතිඥවරයෙකු හා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන නොවැම්බර් 25 යළි කැඳවීමටද නියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා හමුවේ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.
නීතීඥවරයකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරු හැටියට සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා නම් කොට තිබිණි.
මහාචාර්ය සරත් විජේසූරිය මහතා අවස්ථා කිහිපයකදී අන්තර්ජාලයේ හා සමාජ ජාලා වල කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් ‘‘උසාවිය නිහඬයි’’ චිත්‍රපටයට එරෙහිව අධිකරණයෙන් වාරණයක් නිකුක් කිරීම සම්බන්ධයෙන් ස්වාධීන සිනමා ව්‍යාපරය නියෝජනය කරමින් 2016 ඔක්තෝබර් 16 වැනි දින වගඋත්තරකාර මහාචාර්යවරයා විසින් සිදු කළා යැයි කියන විවේචනය ඇතළත් වීඩියෝව ‘‘යූ ටියුබ්’’ අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වී ඇතැයි සඳහන් කොට ඇත.
2016 සැප්තැම්බර් 13 වැනිදා ‘‘ජන අරගලයක පිය සටහන්’’ ග්‍රන්ථය දොරට වැඞීමේ උළෙලේදී වගඋත්තරකරු විසින් කරන ලද කථාව මඟින්ද, 2016 වසරේ අගෝස්තු 16 වැනිදා සිරස ටීවී මඟින් විකාශය කළ ‘සටන’ වැඩසටහනේ දැක්වු අදහස් වලින්ද 2016 අගෝස්තු 13 වැනිදා ‘‘හුදකලාව’’ ග්‍රන්ථය දොරට වැඞීමේ උළෙලේදී වගඋත්තරකරු විසින් සිදු කරන ලද කථාවෙන්ද, අපවත් වී වඳාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණානුස්මරණය සම්බන්ධයෙන් 2017 නොවැම්බර් 19 වැනිදා ‘‘දිවයින’’ පුවත්පතට සිදු කරා යැයි කියන ප්‍රකාශ හේතුවෙන්ද අධිකරණයට අපහාසයක් සිදු වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ එම ප්‍රකාශයන් මඟින් වගඋත්තරකරු අධිකරණය මෙන්ම විනිසුරුවරුන්ද විවේචනය කර ඇතැයි පෙන්වා දෙති.
මේ හේතු මත මෙම ප්‍රකාශ හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මේ සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුට සිතාසි නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.