රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද (29දා) දින කැඳවීමට නියමිතය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ (28දා) දිනය වනවිට පෙත්සම් 39ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, සිසර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.