විවිධ මනුෂ්‍ය ඝාතන සහ අපරාධවලට සම්බන්ධ නේවි රුවන් නමැති පාතාල සාමාජිකයෙකුගේ ගෝලයෙකු බව පැවසෙන 22 හැවිරිදි අශාන් මදුසංක නොහොත් "තිලක් බඩා" නමැත්තා අද (03) අලුයම මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබූ කාන්තා අත්බෑගයක රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර සැකකරුගේ පාවහන් යුගලේ සූක්ෂම අයුරින් සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 20ක් ද සොයා ගැණුනි.
එසේම සැකකරු සන්තකයේ තිබූ නේවි රුවන්ට අයත් බව කියන ගිනි අවියක මැගසිනයක් සමග
උණ්ඩ 6ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එහි ගිනිඅවිය සෙවීම සඳහා හෝමාගම නියදගල පිහිටි දෙමහල් නිවසක් පරීක්ෂා කිරීමට පොලීසිය සැකකරු සමග එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී අශාන් මදුසංක නමැත්තා පළායාම සඳහා දෙවැනි මහලෙන් බිමට පැන තිබේ.