පතාල කල්ලි නායක දිලුකගේ ගෝලයෙකු අත්අඩංගුවට
කෙසෙල්වත්ත ප්‍රදේශයේ පතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දිලූකගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය හා කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලීසිය පවසයි.
අද ( 26) දා උදෑසන පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයෙදී සුරේෂ් කුමාර නැමති සැකකරුවකු මෙලෙස අත්අඩගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන සැකකරු උස්වැටකෙයියාව, පමුණුගම, බෝපිටිය ආදී ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ලැබී තිබූ තොරතුරු අනූව කරණු ලැබූ විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත් අඩංගුවට ගැනීමට හැකිවු බව පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. අයි. කේ. ඇපලතොටුව මහතා පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 හා කේරල ගංජා කිලෝ1 ග්‍රෑම් 500 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ධීවර වෙස්ගෙන ප්‍රදේශයේ සැරිසරා ඇති සැකකරුගේ බිරිදද මේ වනවිට මත් ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බව පොලිසිය පවසයි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
