පුත්තලම පාලවි සමාගමේ අනියම් පදනමින් ඇසුරුම් අංශයේ සේවය කරනු ලබන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත විය.
මෙම විරෝධතාවයට සමාගමේ ඇසුරුම් අංශයේ පුද්ගලික කොන්ත්රාත් ආයතනයක සේවය කරනු ලබන සේවකයින් 50 වැඩි පිරිසක් එක්වි තිබුනි.
විරෝධතාවයේ නිරත වු පිරිස් පවසන්නේ තමන් වසර තුනකට වැඩි වසර 15 දක්වා කාලයක් සමාගමේ පුද්ගලික කොන්ත්රාත් සමාගමක සේවය කරන සේවකයින් බවයි.
නමුත් කොරෝනා වසංගතයෙන් පසුව නැවත කර්මාන්ත ශාලා ආරම්භ කිරිමේදි ඇසුරුම් අංශයේ සේවය කල 91 පිරිසෙන් 68ක පමණ පිරිසක් පමණක් සේවයට යොදා ගැනිමට තමන් සේවය ලබා දුන් පුද්ගලික කොන්ත්රාත් සමාගම කටයුතු කර තිබිමෙන් බරපතල අසාධාරණයක් සිදුකර ඇති බවයි.
මේ අනුව 91ක පිරිසෙන් 23 දෙනෙකුට සුළු වන්දි මුදලක් ලබාදි ඉදිරියේදී ඉවත් කිරිමට කටයුතු කරමින් තිබිම හේතුවෙන් සමස්ත සේවකයින් දැඩි අසරණයකට ලක්කර ඇති බවයි .
මේ හේතුව නිසාම සමාගම හා තමන්ගේ සේවය ලබා ගත් පුද්ගලික කොන්ත්රාත් සමාගම හිතා මතා අනියම් සේවකයින් අසරණ කර ඇති බව මොවුන් පවසයි.