ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරනු ලබන පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට අද (31) දින තිරණය කර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණයෙදී පුත්තලම නගරාධිපති ධුරයට තේරි පත්වු කේ.ඒ .බායිස් මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ නියෝජ්‍ය ඇමති ධුරයක්ද හෙඹවිය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පිහිටවමින් එය රට පුරා රැගෙන යාමට කටයුතු කල හදිසි ගුවන් අනතුරකින් මරණයට පත්වු අෂ්රෝෆ් මහතාගේ සමයේ දේශපාලනයට එක්වුවකුද වෙයි .
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිමට තිරණය කළේ කුමන හේතුවක් නිසා දැයි කල විමසිමේදි අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“පුත්තලමට මේ වනවිට බරපතලම ගැටලුවක් වන අරුවක්කාලු කසල අංගණය පිළිබඳව අද දින කොළඹ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හමුවක් සිදු වුණා .
ඒ සදහා ආගමික නායකවරුන් ,පිරිසිදු පුත්තලමක් සංවිධානය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්වුනා. එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට පොරෝන්දු වුනා ඔහු බලයට පත්වු විට කිසිම ලෙසකින් පුත්තලම කසල රැගෙන නොයන බව .
ඒ සදහා කොළඹ ජනතාවටත් නිවැරදී තින්දුවක් දී පුත්තලම ජනතාවත් පිඩාවන්ට පත් නොකර මෙම තිරණය ගන්නා බවට ඔහු ලබා දුන්න නිවැරදි තින්දුව නිසා පුත්තලම ජනතාව සමග ඔහුට සහාය පළ කරන්න එකඟතාවය පළ කලා” යැයි ඔහු පැවසිය.