පුත්තලම නගර සභාවේ වැඩ අංගන ගබඩාව හදිසියේ ( 31 ) පෙරවරුවේ ඇතිවු ගිනි ගැනිමකින් ලිපි ලේඛණ ඇතුළු තවත් දෑ සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා පවසයි.
පුත්තලම නගර සභාවේ වැදගත් ලිපි ලේඛණ ඇතුළු වටිනා දෑ තොගයක් ගිනි ගැනිමේන් විනාශ වි ඇති බවත් ඒ සමගම එහි ගබඩා කර තිබු රුපියල් ලක්ෂ 5 කට ආසන්න ඉන්ධන තොගයක්ද ගිනි ගැනිමට ලක්ව ඇත.
මෙම ගිනි ගැනිමත් සමග වහාම පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා වහාම පුත්තලම මුලස්ථාන පොලීසියට දන්වා තිබු බව බවත් පොලීසිය පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ සහකාර අධ්යක්ෂ එම්.එම් .ආර්.එම් .කේ . අලහකොන් මහතා දැනුවත් කිරීමේන් පසුව යුධ ,ගුවන් ,නාවික , ගිනි නිවන එකක වහාම කැඳවා ගින්න පැතිරි යාම වැලැක්විමට කටයුතු කර තිබු අතර ඒ සදහා පුත්තලම නගර සභා ජල බවුසර් ද යොදා ගනිමින් කඩිනමින් ගින්න නිවා දැමිමට කටයුතු කර තිබුණී.
සිද්ධිය සැලවිමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බංඩාර මහතාද ගිනි ගැනිම් සිදුවු ස්ථානයට පැමිණ සිටින ආකාරය දැක ගත හැකි විය.
පුත්තලම - හිරාන් ප්රියංකර