අතුරුගිරිය හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක පිය පුතු දෙපළක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුතාගේ මන්න පහරින් බරපතළ තුවාල ලැබූ හැට දෙහැවිරිදි තිදරු පියෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි .
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ශල්‍යකර්මයක් සඳහා යොමුකළ බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
වෘත්තියෙන් පෙදරේරුවකු වන තුවාලකරු 22 දා සවස හයට පමණ බාල පුතුන් දෙපළ සමඟ නිවසේ රැඳී සිටියදී විසි තුන් හැවිරිදි වැඩිමහල් පුත්‍රයා නිවසට පැමිණ ඇතැයි පැවසේ .
එහිදී පියා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් නිවසේ මුළුතැන්ගෙයි තිබූ මන්නයක් ගෙන තම පියාගේ ගෙළට මෙසේ පහරදී බරපතළ තුවාල සිදුකර ඇතැයි පැවසේ .
පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව කියයි.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මකය.