පඩි වැඩිකිරීමක් ගැන කතාකරන්නවත් කැමති නෑ - CB
ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කොට ඔවුන් හෙම්බත් කරමින් රටේ ආර්ථිකය විනාශ වී තිබෙන කාලයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කිරීමට කිසිසේත්ම එකඟ නොමැති බවත් අඩුම තරමේ ඒ සම්බන්ධයෙන් කතා කරන්නවත් සුදානම් නැතැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.
පුඬළුඔය නගර ශාලාවේ පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොත්මලේ ආසනයේ තරුණ සංවිධානයේ සමුළුව අද (04) අමතමින් ඒ මහතා මේ බව පැවැසීය.
“2015 දි ඩයස් පෝරාවට ඕනෑකමට ඇමරිකානු ඩොලර් මිලියන 580 ක් වියදම් කරලා චේන්ජින් ශ්‍රී ලංකා කියලා රට වෙන්ස් කළා. අපි නෙවෙයි මේවා කියන්නේග බැරක් ඔබාමා සල්ලි දුන්නා කියලා කියන්නේ දැන් ඉන්න ජනාධිපතිවරයයි
මත්තල විකුණන්න ලෑස්තියි. හම්බන්තොට විකුණුවා. දැන් ඔලුවිල් විකුණන්න, පලාලි විකුණන්න, ත්‍රිකුණාමලය විකුණන්න, අපේ ගොවිපළවල් ටික විකුණන්න සුදානම්. ඒ විතරක් නෙවෙයි දැන් අපේ වැව් ටිකත් පරදේශක්කාරයන්ට විකුණන්න ලෑස්තියි. ඒකයි අපි කියන්නේ මේක පරගැති ආණ්ඩුවක් කියලා. මේ දෙමුහුන් ආණ්ඩුවට වැඩි දුරක් යන්න තවත් අයිතියක් නැහැ”
චන්දන ජයවීර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

