සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වනපොඩි ලැසි නැමැත්තා අද (25) .ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙළ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔක්තෝබර් මස 09 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට ප්රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් දෙවැනි චුදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කටයුතු කරණු ලැබිය. මොහු විත්ති කුඩුවේ සිටියදි මොහුගේ දැස්වලින් කදුළු කැට වැටෙණු දැකගතහැකිවිය.
බුස්ස බන්ධනාගාරයේ සිට සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙන ආ අතර සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කරණු ලැබිය.