නොසැලකිලිමත් ලෙස රිය පදවා බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්රී පාඨලි චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිසීයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස කටයුතු කරන සුදත් අස්මඩල මහතාට අධිචෝදනා භාර දෙනු ලැබීය.
නඩුව අද (20දා) කොළඹ මහාධිකරණයේදි කැඳවූ අවස්ථාවේදී මෙසේ අධිචෝදනා භාර දීමෙන් පසුව ඔවුන් ඇප මත නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
සැකකරුව් රුපියල් 10000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත හළේය.
නඩුව නැවතත් 28 දා කැඳවිමට නියමිතය. අද දිනයේදි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පවතින හෙයින් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.