රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලූම් තුසිත කුමාර නමැත්තන්ට ලබන එළැඹෙන 28දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19දා) නියම කළේය.
අභිනව පාර්ලිමෙන්තුවේ සැසිවාරය සඳහා පෙනී සිටීමට අවශ්‍ය හෙයින් හෙට (20දා) දිනය නොමැති වෙනත් දිනයක අධිකරණයේ පෙනී සීටීමට අවස්ථාව ලබාදෙන්නැයි පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එසේ නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරන ලද නඩුව සළකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට හෙට (20දා) අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අධිකරණය මීට පෙර අවස්ථාවකදී සිතාසි නිකුත් කෙරිණි.