මේ මොහොතේ රජය ගෙන යන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට පාට පක්ෂ භේද අමතක කොට සියලු දෙනා එකට එකතුව රජයට සහයෝගය දිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය .
මාතර හක්මන ප්‍රධාන මාර්ගය පළල්කර සංවර්ධනය කිරිම , මාතර පරෙවිදුවට නව පාලමක් ඉදිකිරිම , සහ මාතර කොටුවේගොඩ වෙරළ උද්‍යානය ඉදිකිරිම යන සංවර්ධන ව්‍යාපෘති ති‍්‍රත්වයේ වැඩආරම්භ කිරිම සදහා අද (11) මාතරදි පැවති උත්සවය අමතමින් ඔහු මේ බව පැවසිය .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
‘‘ මට සන්තෝෂයි කියන්න මේ කෙටි කාලය තුළ රැකි රක්ෂා පන්දහසකට අධික සංඛ්‍යාවක් මාතරට ලබාදිලා තියෙනවා . ඒ වගේම මාතර තවත් අමාත්‍යවරු දෙදෙනෙක් සිටිනවා ඔවුන්ගේ සහයෝගය ඇතිව රැකි රක්ෂා ලබාදිලා මෙතෙක් නොවුන සංවර්ධනය ඉදිරියට ගෙනයන්න අවශ්‍යයි . මොකද අපි දේශපාලනය කතා කරන්න කැමති නැහැ . නමුත් අපි දැක්කා බොහොම කයිවාරු ගහනවා පසුගිය කාලයේ කරපු සංවර්ධනය ගැන .
මම අහනවා මිත්‍රවරුනි කෝ ඒ කරපු සංවර්ධනයේ සලකුණු මේ මාතර දිස්ති‍්‍රක්කය තුළ , අවුරු දු 10 ක් තුළ පාරක් පළල් කරගන්න බැරිවුනා , අවුරු දු 10 ක් අපි කලින් කරපු සංවර්ධනය කැලැ වෙන්න ඉඩ දුන්නා , ඒ කාලය තුල රැකි රක්ෂා අඩුමගානේ දහසක්වත් දිලා තියෙද කියලා මම අහන්න කැමතියි . බොහෝ දෙනා එදා සල්ලි දිලා රැකියා ලබාගත්තේ . ඒ වැඩපිළිවෙල අපි අවසන් කරලා තියෙනවා . හැම කෙනාම රජයේ රැකියා හොයන්නෙ නැති වෙන්න පුළුවන් . අන්න ඒ අයටත් අපි එන්ටර්ප්රසිසස් ශි‍්‍ර ලංකා ණය යෝජනා ක්‍රමය ආරම්භ කරලා තියෙනවා . විශේෂයෙන් හැකියාව දක්ෂතාවය අදහස් තියෙන තරුණ තරුණියන්ට පොලිය ගෙවලා අපි ඒඅයට කුඩා ව්‍යාපෘති ආරම්භ කරන්න අතහිත දෙනවා.
ඒ වගේම උපාධිධාරියෙකුට විශ්ව විද්‍යාලයෙන් එලියට ආවම පොළි රහිතව ලක්ෂ 15 දක්වා ණය ලබාදෙනවා තමන්ගෙම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න . ඊට අමතරව කාන්තාවන් ව්‍යාපාර කරනවනම් ලබාදෙන ඒ පොළි සහනයට තවත් 10% ක් ලබාදිලා තියෙනවා . මාතර දිස්ති්රකය තුල මේ වනවිට විසිපන්දහසක් ව්‍යාපෘති අලූතින් ආරම්භ කරලා ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර දියුණු වෙමින් තියෙනවා . අපි මේ වැඩ කරන්න ඕන යුගයක් කතා කරකර ඉන්න යුගයක් නෙමෙයි .
නමුත් තමුන්නාන්සෙලා මේ තිරණාත්මක මොහොතේ මේ ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සදහා පාට පක්ෂ භේද අමතක කරලා එකතු වෙන්න . ඒ තුළින් අපි මිළග වසර කිහිපය තුළ රට සංවර්ධනය කරනවා . ඒ වගේම කියන්න ඕන ජල ප්‍රවාහන මණ්ඩලය මහවැලියට වඩා වැඩි මුදලක් වියදම් කරපු මාතර ස්ටෙෆ් 4 ජල ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙමිනි පවතිනවා. ඒ ව්‍යපෘතිය හරහා හිටපු ජනාධිපතිතුමාගේ බෙලිඅත්ත ආසනයටත් ජලය ලබා දෙනවා ’’ යැයි සමරවිර මහතා වැඩිදුරටත් පැවසිය .