අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකාරක සංඝ සභාවේ කාරක සභික, මහනුවර හා තදානුබද්ධ ප්‍රදේශයන් හි සංඝනායක, ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරාධිපති දර්ශනපති පූජ්‍ය වරදිවල ධම්මාරාම නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පොළොන්නරුව, ගිරිතලේ අග්‍රබෝධි විහාරය වෙත අද (28) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙතත්, දායක සභාව ඇතුළු ප්‍රදේශයේ ජනතාව වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.