හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඇප ලබාදීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකණය දුන් නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා ප්රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප මත නිදහස් කළේය.