ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී බව සඳහන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 31 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් අනිවාර්ය නිවාඩු යැවීමට අදාළ නියෝගය බලරහිත කරන ලෙසත්, තමන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනු කළේය.