කොලොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මීතොටමුල්ල කසළ අංගනයේ කසළ පැක් කිරීම සඳහා භාවිතා කළ කිලෝ 2220 ක් බර යන්ත්‍රයක් හොර රහසේ රැගෙන ගොස් රුපියල් 165000 පමණ මුදලකට වැල්ලම්පිටිය සේදවත්ත පරණ යකඩ බඩු කඩේකට විකුණා තිබී ය දී සොයා ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්නාව නගර සභාවේ ට්‍රැක්ටර් රියදුරෙකු හා එම යන්ත්‍රය මිලදී ගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යන්ත්‍රය රැගෙන ගිය බව කියන නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා හා ජේ. සි. බි. යන්ත්‍රයේ රියදුරු ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවේදන ශිල්පියෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුව මෙම යන්ත්‍රය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මීතොටමුල්ල කසළ අංගනයේ කසළ පැක් කිරීම සඳහා භාවිතා කළ මෙම යන්ත්‍රය තිබී ඇත්තේ මීතොටමුල්ල වී ගබඩාවේ වන අතර ඉකුත් එකොළොස්වැනි දින නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා එම වී ගබඩාවට ගොස් එම යන්ත්‍රය කොලොන්නාව නගර සභාවට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් තිබූ බව විමර්ශනවල දී හෙළි ව තිබේ.
ඒ සඳහා නගර සභාවට අයත් ටැක්ටරයක් රියදුරු සමඟ හා නගර සභාවේ ජේ සි බි යන්ත්‍ර යක් රියදුරු සමඟ එම ස්ථානයට ගෙන්වාගෙන තිබු බව පොලිසිය කියයි
පොලිස් නිලධාරීන් එම යන්ත්‍රය සොයා සේදවත්ත පරණ යකඩ බඩු කඩේට ගිය ද එම යන්ත්‍රය ඒ වනවිටත් උණු කිරීම සඳහා කොළඹ 13 සංඝමිත්තා මාවත පුද්ගලික ආයතනයකට රැගෙන ගොස් තිබියදී පොලිස් නිලධාරීන් විසින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ගෙන ඒමට කටයුතු කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.