පක්ෂයක්, පාටක් නොමැති පාතාලය මර්දනය කරන බවත් ඒ සඳහා පොලීසිය හා අධිකරණය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කර ඇති බවත් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල පවසයි.වැලිකඩ බන්ධනාගාරයේ කටයුතු පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඇය මේ බව පැවැසුවාය.
“මෙතනදී අදහස් පළ වුණා පාතාල ක්‍රියා මර්දනය කිරිම සදහා ප්‍රාදේශීය අධිකරණ පිහිටුවන ලෙස. ඒක කළොත් මේ රටට ආපසු අර 2015 ට ඉස්සෙල්ලා ගිය විදිහට ආපසු යන්න වෙනවා. පාතාලයක් මෙහේ තියෙනවා කියලා ඇයි අපි අනන්‍යතාවයක් තහවුරු කර ගන්නේ පාතාල අධිකරණයක් පිහිටුවලා එහෙම දෙයක් නිකමටවත් හිතන්න එපා.
පාතාලය මර්දනයට පොලීසිය අධිකරණය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කර තිබෙනවා. පාතාලය මර්දනය කිරීමේ වගකීම අපි කර ගෙන යනවා. පාතාලය මර්දනය කරන්න අපි කටයුතු කර ගෙන යනවා ඒකට පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නෑ”
