මේ මොහොතේ පක්ෂ බේදයකින් තොරව සියලුම දෙනා එක්ව ක්‍රියා කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීමට මිස, ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.
රට දරුණු වසංගතයකට මුහුණ දී ඇති මොහොතේ පාර්ලිමේන්තුව වහා කැඳවිය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී හිටපු කතා නායක කරූ ජයසුරිය, මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමල ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහත්වරුන් අදහස් දක්වා තිබේ.
ඊට විරෝධය පළ කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ සහ උදය ගම්මන්පිල මහත්වරුන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුව රැස් වුව හොත් විපක්ෂය එක්ව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරනු ඇති බවයි. ඒ නිසා මේ මොහොතේ පාර්ලිමේන්තුව රැස කිරීම සුදුසු නැති බව ආණ්ඩු පක්ෂයේ මතය වී තිබේ.
මෙම කරුණු දැක්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ කළ යුත්තේ ආණ්ඩු වලට එරෙහිව විශ්වාසභංග ගෙන ඒම නොව සියලුම දෙනා එක්ව කොරෝනා වසංගතයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම බවයි.
පටු දේශපාලන අරමුණු වලට සිර නොවී මේ මොහොතේ මව් බිම වසංගතයෙන් බේරා ගැනීමට කටයුතු කොට යථා තත්වයට පත් වු පසු තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ගැන කල්පනා කිරීම සුදුසු බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.
