පාකිස්තානය සිය කොරෝනා වෛරස එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ දී දියත් කිරීමට අපේක්ෂා කරන බව රජයේ අමාත්‍යවරයෙක් පවසයි.
පාකිස්තානයේ සැලසුම්, සංවර්ධන හා විශේෂ මුල පිරීම් පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය අසාද් උමාර් මහතා කියා සිටියේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දීමෙන් මෙම ව්‍යාපාරය ආරම්භ වනු ඇති බවයි.
"එන්නත ලබා දීමේ ක්‍රමය ක්‍රියාත්මකයි. රටේ එන්නත් මධ්‍යස්ථාන සිය ගණනක් කෝවිඩ්-19 එන්නත ලබා දෙනු ඇති. ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබාදීම ලබන සතියේ ආරම්භ වේවි" යැයි උමාර් බදාදා ට්වීට් කළේය.
හදිසි භාවිතය සඳහා එන්නත් දෙකක් මේ වන විට පාකිස්තානය විසින් අනුමත කර ඇති අතර, එකක් චීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් ද්විත්වයයි. එසේම රුසියාවේ ස්පුටිනික් වී එන්නත සඳහාද අනුමැතිය ලබාගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.
පාකිස්තානයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 537,000ක් ඉක්මවා ඇති අතර, මරණ 11,450කි.