පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (06දා) එරට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කළේ විපක්ෂයේ වර්ජනයන් හා විරෝධතාවන් මධ්‍යයේය.
විශ්වාසභංගය දිනාගැනීම සඳහා අවශ්‍ය වූ ඡන්ද 172ක සීමාව ඉක්මවා ඡන්ද 178ක් ලබාගැනීමට ඉම්රාන් ඛාන්ට හැකි වූ බව සභානායකවරයා ප්‍රකාශ කළේය.
සිය ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා සතිය මුල පැවති ඉහළ පෙළේ සෙනෙට් ආසන මැතිවරණයකින් පරාජයට පත්වීමෙන් පසු, අගමැති ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු කරගැනීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාවට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.