පාකිස්තාන ජනාධිපතිවරයා චීනයේ නිෂ්පාදිත සීනොෆාම් එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද ඊයේ (19දා) සීනෝෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව විද ගෙන තිබේ.
68 හැවිරිදි ඛාන් ඉස්ලාමාබාද් හිදී ඔහුගේ කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව ලබාගත් බව පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන්ගේ විශේෂ සහකාර තහවුරු කළේය.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා රටේ එන්නත්කරණ ක්‍රියාවලියේ දෙවැනි අදියරේදී පාකිස්තාන අගමැතිවරයාට එන්නත මාත්‍රාව මෙසේ ලබාදී තිබේ.
කොවිඩ්-19 හි තුන්වන රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා රට පුරා ජනතාව සම්මත මෙහෙයුම් ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව අගමැතිවරයා මෙම අවස්ථාවේදී අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සඳුදා පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි සහ ඔහුගේ බිරිඳ සමිනා අල්වි ඉස්ලාමාබාද්හිදී සීනොෆාම් එන්නත සමග ඔවුන්ගේ මාත්‍රාවන් ලබාගෙන තිබුණි. චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වල දෙවැනි කණ්ඩායම බදාදා පාකිස්තානයට ලැබුණි.