පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේ දානපතියෙකු මුණ ගැසී ඇති අතර, පසුව ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගැනීමත් සමග අග්‍රාමාත්‍යවරයාද කොරෝනා පරීක්ෂණයට යොමුකරවීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා සහ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ෆයිසාල් සුල්තාන් මෙම තොරතුර සනාථ කර තිබේ.
අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් සියලු නිර්ණායක ක්‍රියාත්මක වන බවත්, ප්‍රතිඵල ලැබුණු පසු ඒ අනුව නිර්දේශ ඉදිරිපත් කරන බවත් සුල්තාන් ඊයේ (21දා) තහවුරු කළේය. කෙසේ වෙතත් අගමැතිවරයා පරීක්ෂණයට බඳුන් කරන දිනය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ඉදිරිපත් කර නැත.
පාකිස්තානයේ ප්‍රකට දානපතියෙකු වන ෆයිසාල් එඩි කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව ඊයේ (21දා) ප්‍රකාශයට පත්වීමත් සමග අගමැතිවරයා සම්බන්ධයෙන්ද මෙම පරීක්ෂාව කිරීමට තීරණය වී තිබේ.
අග්‍රාමාත්‍ය ඛාන් සහ එඩි දින හයකට පෙර පෞද්ගලිකව මුණගැසී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.