සමගි ජන බලවේගය තුළින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කර ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම තමා අරමුණ බවත්රටේ පළමු වතාවට අලුතින් බිහිවූ කණ්ඩායම් දෙකකට රාජ්‍ය පාලනයත් විපක්ෂයේ කාර්යභාරයත් ජනතාව විසින් ලබාදී තිබෙන බවත්සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .
විපක්ෂ නායකවරයා ඒ බව පවසා සිටියේ ඊයේ (31) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම මාධ්‍ය හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය . පසුගිය මහ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයටඡන්ද දෙලක්ෂ හතළිස් නව දහසක් පමණ ලැබුණා. මේ වන විට ඉන් දෙලක්ෂනවදහසක් ම සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා. සමගි ජන බලවේගය නම් මහ දැවැන්ත වෘක්ෂයට එකතු වීමට කැමති අය පක්ෂයේ ප්රතිපත්තිපිළිගන්නේ නම්ඊට එක් වීමට බාධාවක් නැහැ . එහෙත් වංචා දූෂණ වලට සම්බන්ධ වූවන් සඳහාඒ සඳහා කිසිම අවස්ථාවක් නැහැ .
ත්රස්තවාදයට හා මත්කුඩු ජාවාරම් මත් කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූවන්ට සිංගප්පූරුවේ ක්‍රියාත්මක නීති මෙහිදී ක්‍රියාත්මක කළ යුතුයි.එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධගුවන්වූවන් සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පැමිණවිය යුතුයි.
දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතිකළේ යහපත් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමටයි . ඒ තුළින් ඇති කළ අගනා වටිනා ආයතන ආරක්ෂා කරගත යුතුයි . ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නොමැති බව කියන්නේ නම් කළ යුත්තේ ඒවා අහෝසි නොකර ස්වාධීනත්වය ඇති කිරීමට පියවර ගැනීමයි .
විපක්ෂනායකවරයා පසුගිය ජනවාරි හා මාර්තු අතර කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ දක්වන ලද අදහස් වල හැන්සාඩ් වාර්තා පිටපත් මහනාහිමිවරුන්ට පිළිගැන්වීම ද මෙහිදී සිදු කරනුලැබීය . මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ලමයන්ත දිසානායක යන මහත්වරුන්ඇතුළු පිරිසක් සහභාගි විය.
ෂේන් සෙනෙවිරත්න