ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 මර්දන එන්නත නිශ්ශබ්දවම ලබාගැනීම නිසා මිලියන ගණනක් වූ ඔහුගේ ආධාරකරුවන්ට එන්නත ලබාගැනීමට උපකාර කිරීමට තිබූ අවස්ථාව හිටපු ජනාධිපතිවරයා අහිමි කර ඇති බව වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
ට්‍රම්ප්ට ජනවාරි මාසයේ ධවල මන්දිරයේදී කොවිඩ්-19 එන්නත ලැබුණු බව ට්‍රම්ප්ගේ උපදේශකයෙක් පසුගියදා මාධ්‍යයට හෙළි කළේය. ඒ අනුව එරට ජ්‍යෙෂ්ඨතම වසංගත රෝග විශේෂඥයා සඳහන් කළේ ට්‍රම්ප් ඒ අවස්ථාවේ එන්නත ලබාගත් බව තමාවත් නොදැන සිටි බවයි.
"වෙනත් ආකාරවලින් ඔහුට ඇහුම්කන් දුන් ආකාරයට පැහැදිලිවම ඔහුට ඇහුම්කන් දෙන පුද්ගලයන්ට සංඥාවක් (එන්නත ලබාගැනීම සඳහා) ලබාදීමට මෙය අතිශය හොඳ අවස්ථාවක් වීමට තිබුණා" ෆවුසි පැවසීය.
ට්‍රම්ප් සිය ආධාරකරුවන් අතර ජනප්‍රිය බව සඳහන් කළ වෛද්‍ය ෆවුසි, මිලයන ගණනක ජනතාවක් ඒ අතර වන බවද සඳහන් කළේය.
"ඔහුට විශාල බලපෑමක් සිදුකිරීමට තිබුණා." ෆවුසි පැවසීය. "කෙසේ වෙතත් එය අවාසනාවකට මෙන් අහිමි වූ අවස්ථාවක් වෙලා. දැනටමත් එන්නත ලබාගැනීමට පසුබට වන බොහෝ දෙනෙකුට (විශේෂයෙන් ට්‍රම්ප් හිතවාදීන්ට) එන්නත ලබා ගැනීමට උනන්දු කිරීමක් සිදුකළ හැකිව තිබුණා. ඔහු එසේ ප්‍රසිද්ධියේ එන්නත ලබානොගැනීම ගැන කනගාටුයි." වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් පැවසීය.