ඊයේ (21) දිනය තුලදී PCR පරික්ෂණ 1590 ක් සිදුකර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 200,148 ප්‍රමාණයක් සිදුකර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
එසේම අද දිනය වන විට පුද්ගලයන් 31 173ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි. අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 48ක් තුළ පුද්ගලයන් 6855ක් නිරෝධායනය වෙමින් සිටින බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.