නෞකා සමාගම්වල සියයට 60ක හිමිකාරීත්වයට විදේශිකයන්ට අවස්ථාව
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා ක්ෂේත්රයේ සිදු කිරීමට නියමිත ලිහිල්කරණය යටතේ පළමු අදියර ලෙස මෙය සිදු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා යුරෝපා සංගමයේ තානාපති ටුන් ලාය් මාර්ගුඒ ප්රමුඛ යුරෝපා ආයෝජන නියෝජිතයන් පිරිසක් වෙත පවසා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති මෙම හිමිකාරීත්ව අනුමැතිය ලබාදීමේ කරුණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන් අවධානය යොමු කර සිටින බවත් එම අවස්ථාවට සහභාගි වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස පවසා තිබේ.

popular news
-
Champa Tuesday, 19 March 2019 01:20 AM
හෙන ගහනව මේවට. මලික්ට තව කොමිස් කුට්ටියක් කඩා ගන්න වැඩක්. රටේ දේපල ඔක්කොම නොරටුන්ට විකුනන අගමැතිගෙයි ඇමතිවරුන්ගෙයි දේපල රාජ සන්තක කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

