නොරොච්චෝල ගැටලුව දහවල් අවසන්
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක සිදුවූ බිඳ වැටීම අද (19දා) දහවල් වන විට යථා තත්වයට පත් කිරිමට හැකිවනු ඇතැයි විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය.
ලක් විජය බලාගාරයේ දෙවන අදියරේ විදුලි පරිපථවල සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (18දා) දහවල් වල විට එහි විදුලිය බිඳ වැටීම සිදුවිය.
මෙම විදුලි බිඳ වැටිම හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ ගනණාවක පැය දෙක සහ පැය බැගින් අවස්ථා කිපයකදි විදුලි සැපයුම නවතා දැමීමටද කටයුතු කෙරිණි.
මේ පිළිබදව නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රජීත් ගාල්ලගේ මහතාගෙන් කළ විමසිමේදි ඔහු සඳහන් කළේ
“ මෙම ජනන යන්ත්‍ර තුනෙන් දෙවන අදියරේ යන්ත්‍රයක සිදුවූ පරිපථ වල බිදවැටිම ශ්‍රී ලාංකික ඉංජීනේරුවන් විසින් නිදි වරමින් 18 රාත්‍රියේ සිට 19 අළුයම දක්වා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. දැනට තිබෙන තත්වයත් සමග 19 දහවල් 12 න් පසුව යථා තත්වයට පත් වනු ඇතැයි අපිට විශ්වාසයක් මේ වන විට තිබෙනවා” යනුවෙනි.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

