නුවරඑළිය නගරයේ ගැල්වේස්ලෑන්ඩ් ප්රදේශයේ සැරිසරන දිවියා පෝනියෙකු ගොදුරු කරගෙන ඝාතනය කර ඇති බවත්, ඝාතනයට ලක්වූ පෝනියාගේ සිරුරේ කොටස් අද (26දා) සොයාගත් බවත් ප්රදේශවාසීහු පවසති.
නුවරඑළිය නගරය තුළ පිහිටි ගැල්වේස් අභය භූමිය අසළ වනරොදක සිට මෙම දිවියා පසුගිය දිනවල රාත්රී කාලයේදී නගර සීමාවේ සැරිසැරූ අතර, එම දිවියා අල්ලා වෙනත් ප්රදේශයකට රැගෙන යෑමට පසුගියදා වනජීවී නිලධාරීන් උගුලක්ද අටවා තිබිණි.
මෙම දිවියා නුවරඑළිය නගරයේ බරෝස් පාරේ රාත්රි කාලයේ සැරිසරන අයුරු නිවසක සවිකරතිබූ ආරක්ෂක කැමරාවකද සටහන්ව තිබිණි.
දිවියා විසින් ගොදුරු කර ගන්නා ලද පෝනියාගේ මළසිරුරේ කොටස් කිහිපයක් ගැල්වේස් ප්රදේශයේ වනරොදක තිබියදී හමුවීමත් සමග ප්රදේශවාසීහු භීතියෙන් පසුවෙති.

ශාන් හුලංනුගේ