නීතියක් නැති නිසා සීනිගමට ගොස් පොල් ගසනවා
රටේ නීතියක් නොමැති නිසා සීනිගම දේවාලයට එළඹෙන බදාදා (11දා) ගොස් දේව කන්නලව්වක් සිදුකර පොල් ගැසීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
පොලීසිය ඇතුළු රජයෙන් ජනතාවට නීතියෙන් සාධාරණයක් ඉටු නොවන බැවින් දෙවියන්ට කීමට හැර වෙනත් යමක් ඉතිරිව නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (09දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සීනිගම දේවාලයේ දේවකන්නලව්ව සිදු කරන අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් සහභාගීවීමට නියමිත බවයි.

popular news
-
Nimal Tuesday, 10 July 2018 10:56 AM
හරියට දෙයක් කරන්න හිතන්න, මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැතුව. පොල් ගෙඩියක ගාන කීයද, එක හිතල දුප්පත් කෙනෙකුට ගෙඩිය දෙන්න, සීනිගම යනවට වැඩියෙන් ඒ පිනින්නෙන්ම නීතිය හරි යයි. අනික ඔයාල හැසිරෙන්නේ MR ගේ කාලෙ නීතියක් තිබුන වගේ.
Reply : 0 0
rocky Wednesday, 11 July 2018 07:26 AM
බලාගන! ආයෙත් නයා ගහයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

