රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය නැවත නගාසිටුවිය යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ගැන නීතිපතිවරයා ලබා දෙන නිර්දේශය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට අවසන් තීන්දුව ගැනීමට කථානායකවරයා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
දැනටමත් ඒ ගැන යෝග්‍ය නීතිමය පියවර ගන්නැයි ඉල්ලා කථානායකවරයා නීතිපතිවරයාට ලිපියක් යොමුකර ඇත. ඇමැතිනියගේ කතාවට අදාළ හඬපට හා පොලිස් වාර්තා පරීක්ෂාවෙන් පසු ලබන සතිය වන විට නීතිපතිවරයා ඊට අදාළව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගය ගැන කථානායකවරයාට උපදෙස් ලබාදෙනු ඇතැයි දැනගන්නට තිබේ.
හිටපු ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ආන්දෝලනාත්මක කතාවේ හඬපට නීතිපති නියමයෙන් පරීක්ෂා කර බලා ඇයගෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අනතුරුව නීතිපතිවරයා වෙත එම වාර්තා ඉදිරිපත් කර මෙම සිද්ධිය ගැන ගතයුතු නීතිමය පියවර තීන්දු කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි. කෙසේ හෝ ලබන සතිය තුළ නීතිපතිගේ තීරණය කථානායකවරයාට දැන්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ නීතිපති උපදෙස් ද සලකා බලා කථානායකවරයා සහ පක්ෂ නායකයන් විසින් ගනු ලබන තීන්දුව අනුව ඇමැතිනී විජයකලා සම්බන්ධව ඉදිරි පියවර ගැනෙනු ඇතැයි වාර්තා වෙයි.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය ඇසුරෙනි)
