නීති විරෝධී අයුරින් වෛද්‍යවරුන්ට ස්ථාන මාරු -GMOA
සියලුම නීතිරීති උල්ලංඝනය කරමින් මේ වනවිට නීතිවිරෝධී ආකාරයට වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා එක්ව අදාළ කටයුතු සිදුකරමින් තිබෙන බවත්, ලංකාවේ පවතින නීතියට අනුව මැතිවරණ සමයකදී ස්ථාන මාරු ලබාදිය නොහැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය ලේකම්වරිය රටේ නීතියට අනුව වැඩකටයුතු නොකරන්නේනම් එයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පිළිතුරුදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් බවද හෙතෙම කියා සිටියේය.
සිදුකරන මෙම නීතිවිරෝධි කටයුත්ත පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්වත් කළ බවත්, මේ අනුව අදාළ ස්ථාන මාරු සිදුනොකරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරියට දැනුම් දී තිබුණද අදාළ නිලධාරීන් මැතිවරණ කොමිසමේ නියෝග පිළිපැදීමට කටයුතු නොකරන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
popular news
-
Dayan Tuesday, 08 October 2019 07:28 PM
වැඩ වර්ජනය කරන්න පසු බිම් සකස් කරනවා, වෘත්තීය සමිතියක් නම් අදාල බලධාරීන් සමග කතා කල යුථුඉ. මේක ඉතින් උද්දච්ච වෘත්තීය සමිතියක්නේ. වෛද්‍යවරු මාරු නොකළ හැකි ජාතියක් ද?
Reply : 0 0
Nandana Tuesday, 08 October 2019 09:28 PM
වෛදය වරු සහ අනෙකුත් සේවකයන්ද එක සමානවේ , ගුරුවරු ,මෙසන්බස්වරු ,,මේ හැමෝම වුර්තිකයන් වේ ,විශේෂ සැලකිලි එපා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
