‘ණය උගුල්’ යන වචනයේ නිර්මාතෘන් සත්‍ය ලෙසම සංවර්ධනය වන රටවලට උපකාර නොකරන බවත්, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ තොරතුරු කරුණු විකෘති කරමින් ඉදිරිපත් කර ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලු කංග් ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා ඇත්තේ නිව්යෝක් පුවත් සේවය පළ කළ ලිපිය පිළිබඳව අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට අදාළව හම්බන්තොට වරාය තුළ චීනය හා ශ්‍රී ලංකාව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවත් හෙතෙම මෙහිදී පවසා තිබේ.
“මේක ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පමණක් නොවෙයි කලාපයේ ආර්ථික සංවරධනයටත් කලාපයේ සෞභාගයටත් වැදගත් වෙනවා” යනුවෙන් ලු කංග් එහිදී පවසා ඇත.
නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේ චීනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල ලෙස ණය ලබාදෙමින් ලෝකයේ බලය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
හම්බන්තොට වරාය ඉදිකිරීමට චීනය කටයුතු කළේ ශ්‍රී ලංකා රජයේ මෙනම ජනතාවගේ කැමැත්ත අනුව බවත්, චීනය සිය සමාගම් වෙත හම්බන්තොට වරායේ කටයුතු කිරීමේදී වාණිජ ප්රතිපත්තීන් මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් කටයුතු කිරීමට උපදෙස දී ඇති බවත් ලු කංග් එහිදී පැවසීය.
මෙහිදී හෙතෙම වැඩිදුරටත් පැවසූයේ “ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව චීනයේ මූල්‍ය ආයතනන ශ්‍රී ලංකාවට සහාය දුන්නේ මූල්‍ය හිඟය පියවා ගැනීමටයි ” යනුවෙනි.
