අකුරැස්ස තිබ්බොටුවාව ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානය අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ කවන්ධ පිරිමි මළසිරුරක් අද (12දා) සොයා ගත් බව පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේ නිල්වලා ගඟ අසල ඇති නිවෙස් වෙත දුඟදක් පැතිරීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලූ නිවෙසියන් විසින් අදාළ සිරුර ගඟේ පාවෙමින් ඇති අයුරු දැක ඇති අතර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිරුර ගොඩගෙන තිබේ.
සිරුර ගොඩගන්නා විටත් සරුරේ හිස කොටස සහ පාද නොමැතිව තිබූ බවත් විශාල දුඟදක් වහනය වීම හේතුවෙන් එය දින කිහිපයකට පෙර සිදු වූ මරණයක් බවත් අනාවරණය කරගෙන ඇති අතර හිස කොටස සහ පාද කිඹුලන් විසින් කා දමා ඇත්ද නැතහොත් ඝාතනයක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
සිරුර පිළිබඳ වැඩිදුර විමර්ශන අකුරැස්ස පොලීසිය සිදුකරයි.

එන්.කේ ඉන්ද්‍රවංශ