අමාත්‍යවරයෙක් ලෙස තමන්ට හිමිවූ නිල රථ භාර දුන් බවත් සතියක් ඇතුළත නිල නිවසද නැවත සකස්කර භාර දෙන බවත් හිපටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
"බස්නාහිර මහානගරය යථාර්ථයක් කරමින් රටේ නාගරික පද්ධතිය සුහුරු නාගරික පද්ධතියක් කරන්නටත්,කොළඹ අඩු පහසුකම් ජනතාව වෙනුවෙන් නිවසක් වෙනුවට ජීවිතයක් ලබා දෙමින් රට ණය නොකරන පෙරළිකාර ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටත් හැකි විය.
ණය උගුලෙන් හිරවූ ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්නට පක්ෂ පාට භේදයෙන් තොරව උපරිම කැපවීම සිදු කළෙමි. ජනතාව ගත් තීරණයට ගරු කරමින් නව ජනාධිපතිතුමන්ට නව රජය ඉදිරියට කරගෙන යාමට සුභ පතමින් අමාත්‍ය ධූරයෙන් ඉවත් වූවෙමි.
අමාත්‍ය ධූරයත් සමග ලැබුණු නිළ රථ සියල්ල මේවන විටත් නැවත ආපසු බාර දී ඇති අතර නිළ නිවස විධිමත් ලෙස සකස් කර සතියක් ඇතුළත බාර දීමට කටයුතු කරන බව දන්වා සිටිමි."
