වව්නියාව පම්පමඩුව යුද හමුදාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 154 දෙනෙකු අද (08) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනර් ධම්මික ජයසිංහ මහතාගේ පූර්ණ අධික්ෂණය හා උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් නිරෝධායනය ක්‍රියාවලිය සිදු කරන ලද අතර අද දින නිරෝධායනය වී නිවෙස් වෙතට රැගෙන යාම සිදු විය.
පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයට බහරේන් සිට පැමිණි 154 දෙනෙකු මෙසේ නිරෝධායනය අවසන් වී කොළඹ,කුරුණෑග, පුත්තලම, හලාවත, යන ප්‍රදේශයන්හි පදිංචි පිරිසක් නිවෙස් වෙතට ගිය අතර නිරෝධායනය අවසන් වී ගිය පිරිස් යුද හමුදාව විසින් දිවා රාත්‍රී වෙහෙස වී තමන්ට සහන සැලසීම පිළිබඳව සමස්ත යුද හමුදාවටම ස්තූතිය පුදකර සිටි අතර විදෙස්ගතව සිටින සියලුම දෙනා පැමිණ වහාම නිරෝධායනය වී රටේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසටද වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
