නිරෝධායන මධ්‍යස්ථානයක් නිසා 58 සේනාංකය අධිකරණයට
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබු නොතෙසි අනුව ශ්‍රී ලංකා යුධ හමුවේ 58 වෙනි බලසේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඇතුළු එම බලසේනාවේ යුධ හමුදා නිලධාරින් රැසක් අද (15දා) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටිහ.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ තම සේවාදායකයෙකුට කොළඹ වානිජ මහා අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් බදු පදනම මත ලබා දි ඇති ඉඩමකට සහ ගොඩනැගිලි වලට 58 වෙනි බලසේනාවේ යුධ හමුදාවේ භට පිරිසක් තම සේවාදායකයාගේ අවසරයකින් තොරව ජුලි මාසයේ සිට නිරෝධාන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍යය බව පවසමින් බලහත්කාරයෙන් යුධ හමුදා කඳවුරක් ස්ථාපනය කර ඇති බව චෝදනා කරමින් ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා විසින් දණ්ඩ නිති සංග්‍රහයේ 66 වගන්තිය යටතේ නඩුවක් පවරා තිබුණි.
එම නඩුවේ වග උත්තරකරුවන් ලෙස 58 වන බලසේනාවේ බල සේනාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු 58 වෙනි බලසේනාවේ යුධ හමුදා නිලධාරින් කිහිප දෙනෙකු නම් කර තිබුණි.
යුධ හමුදාව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටි රජයේ අධි නිතිඥය ජයකිත් මාතුරත්න මහතා සහ යුධ හමුදා නීති අංශයේ නිතිඥයින් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ යුධ හමුදාව වෙත මෙවැනි නඩුවක් මෙම අධිකරණය විභාග කල නොහැකි බවයි.
දෙපාර්ශවයේ නිතිඥයින් දැක් වු කරුණු සලකා බැලු හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා විවෘත අධිකරණය හමුවේ වග උත්තර පාර්ශවයට කියා සිටියේ මුලික විරෝධතාවයක් නම් එය ලිඛිතව මේ මස (29) දින අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසයි.

popular news
-
Dipti Wednesday, 16 September 2020 10:14 AM
වසන්තා chandramali මහත්මිය ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

