නිරෝධායන කාලසීමාව තුළ තම සේවා සැපයීම සඳහා පිටත්ව යා හැකි පිරිස් සහ සැපයිය හැකි සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (21) උදෑසන නිර්දේශ නිකුත් කර තිබේ. මේ වනවිට තවත් නිර්දේශ 9ක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
එලෙස නිර්දේශලත් සේවා සඳහා පිටත්ව යා හැකි පිරිස්....
අත්‍යාවශ්‍ය නඩු කටයුතු සඳහා උසාවි පවත්වාගෙන යාමට සීමිත අවසර තිබේ.
ආනයන හා අපනයන ආර්ථික ක්‍රියාවලීන් සඳහා කටයුතු කරන දේශීය නිෂ්පාදන සඳහා අවසරලත් පිරිසට කටයුතු කිරීමට අවසර හිමිව තිබේ.
අත්‍යාවශ්‍ය කටයුතු සඳහා මාධ්‍යවේදීන් කැඳවීමට එම ආයතන වලට අවසර හිමිව තිබේ.
කෘෂිකටයුතු හා එම නිෂ්පාදන සිදු කරන සේවකයින් සඳහා පළාත් අතර සංචාරය කිරීමට අවස්තාව හිමිව තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ අලෙවියට අවසර හිමිව තිබේ.
බේකරි සඳහා නිෂ්පාදන ක්‍රියාවලියට සහ ජංගම බෙදාහැරීමේ සේවාවලට අවසර හිමිවන අතර බේකරි නිෂ්පාදන විකිණීමට වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර නොලැබේ.
